Wednesday, November 3, 2010

මේ දවස් වල වැඩ

ඔන්න ඉතින් හැමෝම සිංහලෙන් බ්ලොග් ලියන නිසා මටත් හිතුන සිංහලෙන් බ්ලොග් පොස්ට් එකක් ලියන්න.:D
මේ දවස් වල වැඩි දෙයක් නම් කරන්න ලැබෙන්නේ නෑ. අලුත් ඇනිමේෂන් , මොඩෙලින් කරන්න වෙලාවක් හොයාගන්න තියා පාඩම් කරන්නවත් වෙලාවක් නෑ. හැබැයි මට බ්ලොග් ලියන්නයි සර්ෆ් කරන්නයි නම් ඕනේ තරම් වෙලා තියෙනවා. :P ඉතින් මුකුත් කලේ නැති නිසා ලියන්න දේකුත් නෑ වගේ. බලමු කල්පනා කරලා.

ම්ම්ම්ම්ම් ... අහ් අපේ අක්කගේ ඉල්ලීමක් මත කිටී ගැන බ්ලොග් සටහන් වගයක් ලියන්න අදහසක් තියෙනවා. ලිපි ලියන්නේ අක්කා. එයා වැඩිය කොම්පියුටර් සම්බන්ධ දේ ට කැමති නැති නිසා මට තමයි ඉතින් පොස්ට් කරන වැඩ එහෙම කරන්න වෙන්නේ. බලමු එකටත් වෙලා තියෙයිද නැද්ද කියල. අහ්හ් දැන් මතක් උනේ යාලුවෙක්ට ටී-ෂර්ට් එකකට පොඩි ෆොටෝෂොප් ඩිසයින් එකක් ඇන්දා. එක නම් පොස්ට් කරන්න බෑ. අතිශය රහස්‍ය වැඩක්. වෙබ් පිටුවේ වැඩේ නම් තාම මුකුත් කරන්න ලැබුනේ නෑ. පටන් ගත්ත තැනමයි. ඒක සම්පූර්ණ කරන්න නම් ඉතින් පී එච් පී , ඩ්‍රීම් වීවර් හරි කොන්ට්‍රිබියුටර් හරි ඉගෙනගන්න වෙනවා. හැබැයි ඔය මොකක් කරන්නත් දන්නා ෆොටෝෂොප් වැඩ ටික ඉවර කරන ඉන්න එපැයි.දවසට පැය 48 ක් විතර තිබ්බනම් කොච්චර හොඳද කියල හිතෙන්නේ මේ වගේ දවස් වලට තමා. මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මම බ්ලොග් පොස්ට් එකක් ලිය ලිය ඉන්නේ ප්‍රැක්ටිකල් එකක් රෙකෝඩ් කරන්න තියෙද්දී. අයෙමත් වෙලාවක් ලැබුනොත් සිංහල බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඕනේ. දැනට මේ ඇති මන් හිතන්නේ. දැන් මොකක් කියලද ඉවර කරන්නේ? නිමි ? සිංහල රචනයක් ලියපු කාලයක් මතක නෑ නේ.
:O

නැවත හමුවෙන තුරු සුභ සතියක් !
ඒක ටිකක් ෆෝමල් වැඩියි වගේ නැද්ද?

Oh and please kindly point out if there are any grammar mistakes :D
Cheers!!

2 comments:

  1. Hehe.nice,it's good to post in sinhala for a change....barida apitath design1k ehema hadala denna?hehe

    ReplyDelete