Tuesday, January 11, 2011

පොත්!

ඔන්න ඉතින් මට අයෙමත් හිතුන සිංහල බ්ලොග් පොස්ට් එකක් ලියන්න.
පාඩම් කරන්න ගොඩක් ඉතුරු වෙලා. ඒවුනාට කම්මැලියි. ඉතින් කම්මැලිකම යන්නත් එක්ක බ්ලොග් පොස්ට් එකක් ලියනවා.
ඊට පස්සේ වත් පාඩම් කරන්න හිතක් පහල වෙන්නේ නැතැයි.

ඊයේ මං මහජන පුස්තකාලෙන් ගත්ත පොතක්, නෙමේ පොත් දෙකක් ගැන ලියන්නයි හැදුවේ. ඒවුනාට දැනට මං ළඟ තියෙන්නේ ඉන් එකක් විතරයි. අනෙක අතුරුදන්. ගෙදර කවුරු හරි එක අරන් ගිහින් කියවන්න.

ඒ පොතේ (අතුරුදන් වෙච්ච එකේ ) නම " Catch Me a Colobus " ලියල තියෙන්නේ ජෙරල්ඩ් ඩරල් කියන ස්වභාව විද්‍යාඥය. "My Family and Other Animals" නැත්තං "අපේ නිවසයි අනෙක් සත්තුයි" ( පරිවර්තකගේ නම මට මතක නෑ, එත් ඉංග්‍රීසි පොතට වඩා ආස හිතෙන විදියට ලියල තියෙනවා ) කියන පොත කියවලත් ඇති. එකේ තියෙන්නේ ජෙරල්ඩ් ට පොඩි කාලේ ඉඳන්ම සත්තු වත්තක් හදන්න තිබ්බ ආශාව ගැනයි , පොඩි කාලේ ඉඳන් ගෙදරින් තිබ්බ විරුධ්ධතා මැද සත්තු එකතු කල විදිය ගැනයි, ඒ අතරේ සිද්ද වෙච්ච ඇබැද්දි ගැනයි. මේ පොතේ ඒ කිව්වේ "Catch Me a Colobus " පොතේ තියෙන්නේ ජෙරල්ඩ් ඩරල් තමන් හදපු සත්තු වත්ත පාලනය කරනකොට ඇතිවෙච්ච ප්‍රශ්න හා ඔහු ඒවා විසඳ ගන්න කල දේවල්. ජෙරල්ඩ් ඩරල්ට පොත් ලියද්දි ඔහුගේ සහෝදරයාගෙන් ඉතාම ලොකු අභාෂයක් ඇවිත් තියෙනවා. ජෙරල්ඩ් ගේ වැඩිමල් සහෝදරයා තමා සාහිත්‍යමය ගත්කතුවරයෙක් වන ලෝරන්ස් ඩරල්. අතිශයෝක්තිය උපරිමව පාවිච්චි කරලා, නොදන්නා වචන වලින් පුරවල තිබ්බත් ඕනෙම කෙනෙක්ට කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙන්නේ. ඉස්සර මට තිබ්බ කැප්ටන් ඩබ්ලිව්. ඊ. ජෝන්ස් ගේ බිගල්ස් පිස්සුව වගේ මේ කාලේ තියෙන්නේ ජෙරල්ඩ් ඩරල් පිස්සුව. ඒක නිසා ජෙරල්ඩ් ඩරල් ගැන තියෙන, ජෙරල්ඩ් ඩරල් ලියල තියෙන අහුවෙන ඔක්කොම පොත් , ලිපි පිස්සුවෙන් වගේ කියවනවා. හැබැයි සත්ව විද්‍යාව, ජීව විද්‍යාව, පරිසර විද්‍යාව , conservation biology හදාරන ඕනෙම කෙනෙක්ට අමතර දැනුම ගොඩක් මේ පොත් වලින් ලබා ගන්න පුළුවන්.

මං පුස්තකාලෙන් ගත්ත අනෙක් පොත තමා "David Macaulay" ලියල තියෙන "The Way Things Work". මේ පොතේ වැඩි හරියක් තියෙන්නේ පින්තූර. දැක්කම හිතෙන්නේ පොඩි ළමයින්ගේ පොතක් කියල. එක එක සරල උපකරණ වැඩ කරන විදිය ගැන සරල අදහසක් ගන්න කැමති කෙනෙක්ට නම් හොඳයි. හැබැයි ඉතින් හුඟක් විස්තර නෑ. එකේ තිබ්බ මට වැදගත් කියල හිතුන ලිපි දෙකක පින්තූර තමා මේ තියෙන්නේ.



දැන් නම් මූඩ් එක ෆික්ස් වගේ
:D
මං ගියා
සුබ දවසක් !

4 comments:

  1. හොද ලිපියක්! වෙලාවක් තිබුනොත් පොත හොයාගෙන කියවන්න ඕනෙ

    ReplyDelete
  2. ස්තූතියි
    'අපේ නිවසයි අනෙක් සත්තුයි' පොත නම් මහජන පුස්තකාලේ තියෙනවා
    ගුණසේන එකෙයි තව පොත් කඩ කිපයකයිත් දැක්ක
    පන්සීය ගානක්ද කොහෙද වෙන්නේ
    ඉංග්‍රීසි පොත් ටික නම් දැකල තියෙන්නේ මහජන පුස්තකාලෙයි බ්‍රිටිෂ් කෞන්සිල් පුස්තකාලෙයි විතරයි.
    පොත් කඩ වල තියෙනවත් ඇති.
    මං ඉතින් පොත් සල්ලි වලට ගන්නේ නෑ නේ ලේසියකට. ඉතින් පොත් කඩේකට යැවෙන්නෙම නෑ.
    රුපියල් සීයට පොත් 10 000 ක් විතර කියවන්න පුලුවන් එකේ මොකටද තව සල්ලි ගෙවන්නේ.

    ReplyDelete
  3. "My Family and Other Animals" sounds like my kinda book!Thanks for sharing!

    ReplyDelete
  4. Yup it is!
    His books have a lot of information about animals, how to recognize them and how to conserve.
    You are welcome
    :-)

    ReplyDelete