Sunday, January 23, 2011

සටන් අහස් යාත්‍රා

අනේ මට නම් දැන් ඇති වගේ පාඩම් කරලා.
තව මොනාද මන්ද පාඩම් කරන්න තියෙනවා .
තාම කියවලාවත් නෑ . එත් ඉතින් මන් වගේ කුඩා මොළධාරියෙක්ට ටිකක් පාඩම් කලාම ඉක්මනට මොලේ සංතෘප්ත වෙනවා. පොඩි රෙස්ට් එකක් ගන්නත් එක්ක බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුව. ඩ්‍රෆ්ට් එකේ ලියන්න පටන් ගත්ත බ්ලොග් පොස්ට් 3 ක් ද කොහෙද තියෙනවා. ඔක්කොම තියරි. මං ප්ලාන්ට් සයන්ස් තියරි බ්ලොග් එකේ ලියන්නේ කාව වත් බය කරන්න නෙමේ. එකම දේ හාෆ් ශීට් වල හතර පස් සැරයක් ලියල කොළ නාස්ති කරනවට වඩා හොඳයි නේ බ්ලොග් පොස්ට් එකක් දාන එක. කාට හරි කියවන්නත් පුළුවන් එතකොට.

බ්ලොග් පොස්ට් එකක් ලියන්න මාතෘකාවක් නම් තාම ඔලුවට ආවේ නෑ. ඒවුනාට මගේ ෆෙවරිට් ටොපික් එකක් වෙන ප්ලේන් ගැන ලියන්න පටන් ගන්නම් කෝ. ප්ලේන් කිව්වේ අර තටු දෙකක් තියෙන ,එන්ජිමක් ඇති / නැති , ආසන්න වශයෙන් කුරුල්ලෙකුගේ හැඩය තියෙන අහස් යාත්‍රා වලට. කලින් කිව්වා වගේ මට ප්ලේන් පිස්සුව හැදුනේ කැප්ටන් ඩබ්ලියු ඊ ජෝන්ස් ගේ බිගල්ස් පොත් කියවල. මං ඔය කතා පොත් සීරිස් එක කියවන්න ගත්තේ ඒක පරිවර්තනය කරන්න ගොඩාක් කලින්. ඒ කාලේ මහජන පුස්තකාලේ ළමා අංශයේ ඒක කොනක ඉඳන් අනික් කොනටම කබඩ් අවුස්සලා , ඒවගේ මකුළු දැල් කඩලා , දූවිලි පිහදාල කොහොම හරි බිගල්ස් පොත් හොයාගන්නවා. දැන් නම් එහෙම කරන්න ඕනේ නෑ. ළමා අංශයේ රාක්කෙක වෙනම තට්ටුවක් තියෙනවා ඩබ්ලිවු ඊ ජෝන්ස් ගේ පොත් වලට. ඉතින් මේ පොතක් හොයා ගත්ත වගේ නෙමේ කියවන්න ගියාම තියෙන අමාරුව. ඇයි ඉතින් ඉංග්‍රීසි පොත් නේ. සති දෙකක් තියාගන්න දෙන නිසා හොඳයි. එහෙම කියවල ඉවර කරන්න බැරි උනොත් තව සති දෙකකට රිනිව් කරගන්නවා.

ඉතින් මේ පොත් වල තියෙන හොඳම අංගය තමා ගොඩක් තේරෙන්නේ නැති ටෙක්නිකල් ටර්ම්ස් , ප්ලේන් වල විස්තර , වගේ දේවල් පල්ලෙහා තියෙන වෙනම තීරුවක ලියල තියෙන එක. පලවෙනි ලෝක යුද්දේ දී පාවිච්චි කල සටන් අහස් යාත්‍රා ගැන තමා වැඩියෙන් තිබ්බේ. කතාවේ වීරයා මේජර් ජේම්ස් බිගල්ස්වර්ත්( බිගල්ස්) සටන් අහස් නැවියෙක්. මට මතක විදියට ඔය පොත් වල තිබ්බ අහස් යාත්‍රා කීපයක් තමා,

සොප්විත් කම්හලේ හදපු කැමල් අහස් යාත්‍රාව, ඩොල්ෆින් අහස්යාත්රාව, ස්කවුට් අහස්යාත්රාව
තව රෝයල් එයාක්‍රාෆ්ට් ෆැක්ටරියේ හදපු S.E. 5 යාත්‍රා. මීට අමතරව ජර්මනිය පැත්තෙන් ගත්තොත් ෆොකර් කම්හලේ හදපු තටු 1 / 2 / 3 තිබ්බ යාත්‍රා. මේවා ඔක්කොම සටන් අහස් යාත්‍රා. බ්‍රිතාන්‍ය අහස් යාත්‍රා වලට හයි කරලා තිබ්බේ Vicker තුවක්කු, ජර්මන් ඒවගේ තිබ්බේ Spandau කියන මැෂින් තුවක්කු.
ට්‍රේසර් උණ්ඩ වල පොස්පරස් තියෙනවා කියලත් තිබ්බ.

ඔය පොත් ටික කියෙව්වයින් පස්සේ ප්ලේන් වලට ඇති වෙච්ච ආසාව නිසා මගේ කුණුගොඩවල් එකතුවේ තිබ්බ වයර් සහ කාඩ්බෝඩ් එකතු කරලා තටු දෙකේ ( ඒ කිව්වේ දැන් තියෙන ප්ලානේ වගේ මේවගේ එකිනෙකට සමාන්තර තටු දෙකක් තියෙනවා, පරණ කාලේ ප්ලේන් එහෙම තමා, රයිට් සහෝදරයන්ගේ ප්ලේන් එකෙත් තටු දෙකයි නේ.) ප්ලේන් එකක් හැදුව. ඊට පස්සේ විදුසර පත්තරේ ගිය ආටිකල් එකක් බලල ග්ලයිඩර් එකක් හැදුව. මගේ මුල්ම ටිකක් විතර දරුණු තත්වයේ ඉනෝගනික් මොඩෙල් එක විදියට හැදුවෙත් ප්ලේන් එකක්. කොහොමෙන් හරි ටියුට් එකක් පාවිච්චි කරලා එන්ජිමකුත් හැදුව. විභාගෙන් පස්සේ එන්ජිම වටේට ලී ගහල ( වර්චුවල් ) ප්ලේන් එක නිමා කරලා ත්‍රිමාන සජීවිකරණයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා.

හප්පා! දැන් නම් මූඩ් එක හරි වගේ . ආපහු පාඩම් කරන්න යන්න ඕනේ.
සුබ දවසක් හැමෝටම :D

8 comments:

  1. shane oyage memory eka gena oya danne ne oya nodannawa unata oyata loku hard ekak and ram ekak thiyenawa.but eka weda karanne me biology walata neme wena wena ewata ewa thamay oya kamathi subjects.so dont gent an upset

    ReplyDelete
  2. හෆ්ෆා අපි දන්නේ නෑනෙ සිස් ප්ලේන් ගැන මෙච්චර දන්නවා කියලා , මම වත් දන්නෙනෑ :P

    ReplyDelete
  3. තැන්ක්ස් පුබුදු
    හාර්ඩ් එක නම් හොඳයි කියල දන්නවා
    ප්‍රොසෙසරෙයි , රැම් එකයි නම් හොඳටම මදි
    නැත්තං හැම තිස්සෙම ක්‍රෑෂ් වෙන්නේ නෑනේ.
    කිසිම අප්සෙට් එකක් නෑ
    කිව්වත් වගේ අද බයෝ පේපර් එකටත් ලස්සනට උත්තර ලිව්වා

    ReplyDelete
  4. තෑන්ක්ස් DarKneT | ඉෂාර මල්ලි
    ඔය පොත් ටිකේ තිබිල කියවපු ටික තමා දන්නේ.
    ඊට වඩා නම් දන්නේ නෑ.
    මගේ පලවෙනි ප්ලේන් එකේ රෙන්ඩර් එකක් දාන්නම්කො සීන් ෆයිල් එක හාර්ඩ් එකේ තිබ්බොත්.
    එක නම් දැකල නැතුවත් ඇති, 2009 අගෝස්තු වල විතර හැදුවේ.

    ReplyDelete
  5. විශේෂ කැමැත්තක් නැති මාතෘකාවක් නිසා වැඩිය තේරුනේ නම් නැත :-)

    ReplyDelete
  6. ස්තුතියි ම :-)
    ඔය පොත් ටික හම්බෙනකන් මටත් විශේෂ කැමැත්තක් තිබ්බේ නෑ ප්ලේන් ගැන.
    හම්බුනොත් කියවන්න. ප්ලේන් ගැන විස්තර තිබුනට කතාව නම් හරිම ලස්සනයි. ටිකක් හාස්‍යජනක කතාවක්. :D

    @DarKneT | ඉෂාර මල්ලි

    http://3dsmaxcreations.blogspot.com/2011/01/blog-post_24.html
    ඔන්න දැම්ම
    :D

    ReplyDelete