Sunday, January 30, 2011

සැබෑ මිනිසෙකුගේ කතාවක්


"ඇලෙක්සෙයි ; එයාට නැති උනේ එක කකුලයි නෙව. අනික එයා පැදෙව්වේ පාර්මන් වර්ගයේ අහස්යාත්රාවක්. ... එකත් අහස්යාත්රාවක්ද? ...

කොමිසාර් : නමුත් තමුසේ සොවියෙට් පුරවැසියෙක් , රුසියන් කාරයෙක් "
ම විසින් කියවා ඇති පොත් අතරින් සදා සිත් බැඳගත් කතාපොත තමයි "බොරිස් පලෙවොයි" විසින් රචිත "සැබෑ මිනිසෙකුගේ කතාවක් " පොත. රුසියානු පොතක් වන මෙය සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ "දැදිගම වී රුද්‍රිගු" විසින්. පොත ලියැවී ඇත්තේ " ඇලෙක්සෙයි මරේස්යෙව්" කියන සැබෑ පුද්ගලයාගේ ජිවන කතාව මූලික කරගෙන. කතා පොතෙහි මොහුගේ නම මදක් වෙනස් කොට "ඇලෙක්සෙයි මෙරෙස්යෙව්" ලෙස භාවිතා වෙයි. ඇලෙක්සෙයි සෝවියට් අහස් නැවියෙක්, නිකන්ම අහස් නැවියෙක් නෙවෙයි බිගල්ස් වගේම සටන් අහස් නැවියෙක්. අහස් සටනකදී අහස්යානය කඩා වැටී සිදුවන අනතුරෙන් පස්සේ ඇලෙක්සෙයි ගේ කකුල් දෙකම ඔහුට අහිමි වෙනවා. නමුත් අවසානයේ සියලු දුක් කම්කටොලු මැද දෙවන ලෝක යුද්ධය අවසාන වීමට පෙර ඇලෙක්සෙයි නැවතත් අහස්යානා පදවනවා. අහස්යාන පදවනවා පමණක් නෙමෙයි ගුවන් සටන් කීපයකින්ම ජය ලබා ගන්නවා.

කතා පොතේ ඉන්න ඇලෙක්සෙයි ට හය්යියක් වෙන ප්‍රධානම චරිතය තමා "කොමිසාර්" . තමාගේ කකුල් දෙකම අහිමි වීමෙන් දුකින් ඉන්න , නැවත සටන් අහස්යානා පදවන්න බැරි බව දන්නා, ජිවිතයම එපා වී සිටින ඇලෙක්සෙයි ට ධෛර්යය ඇත්නම් නොකළ හැකි දෙයක් නැති බව පසක් කර දෙන්නේ කොමිසාර්.
ඇලෙක්සෙයි ගේ ජිවිතයේ එයා පසු පස ඉන්න අනෙක් චරිතය තමා ඔල්ගා , ඇලෙක්සෙයි ගේ පෙම්වතිය. ඇලෙක්සෙයි රෝහල් ගත වුනාම ඔල්ගාට කියන්නේ තමන් අලුත් ගුවන් යානා වගයක් අත්හදා බැලීම් කරනවා කියල. ඇලෙක්සෙයි මෙන්ම තවත් යුධ පෙරමුණක ක්‍රියාන්විතයේ ඉන්නා ඔල්ගා ඇලෙක්සෙයි රෝහල්ගත වෙලා බව දන්නවා. නමුත් කිසි වෙලාවක ඇලෙක්සෙයිගෙන් ඒ බව අහන්නේ නෑ. තමන් දන්න බව හෙළි කරන්නෙත් නෑ.

මේ පොතත් අනෙක් බොහොමයක් පොත් වගේ මන් කියෙව්වේ මහජන පුස්තකාලෙන් අරන්. මුලින්ම ගත්තේ පාසල් පුස්තකාලෙන්. ඒ කියන්නේ මන් ළඟ පොතේ පිටපතක් නෑ. පොත මුද්‍රණය කරලා තියෙන කොළ වල තත්වය එච්චර හොඳ නැති උනාට මේ පොත නම් මිලට ගත්තයි කියලා පාඩුවක් නෑ.මන් කියවල තියෙන මිල කල නොහැකි කතාපොත් වලින් එකක් තමා "සැබෑ මිනිසෙකුගේ කතාවක් ".


"ඇලෙක්සෙයි : ඔව් අහස්යානා පදවනවාමයි..."



ලියල තියෙන උපුටා ගැනීමේ දෝෂයක් තියෙනවනම් සමාවෙන්න ඕනේ.

මතකෙන් ලිව්වේ, මතකය ටිකක් විතර අවුල්.

13 comments:

  1. මම කියවපු ඒ වගේම මම ආසම පොතක්....

    ReplyDelete
  2. අදටත් මම වැඩියෙන්ම ආසා කරන පොතක්....

    ReplyDelete
  3. මම නැවත නැවත කියවපු පොතක්.. හැබැයි දැන් කාලෙකට කලියෙන්.. ආයිත් කියවන්න ඕනි..

    ReplyDelete
  4. මමත් ආසයි ඔය පොත කියවන්න..පුලුවන්නම් පොතේ ISBN එක කියනවද?
    බෙදා ගත්තට ස්තුතියි.....

    ReplyDelete
  5. අම්මෝ මං හිතුවට වඩා ගොඩක් කට්ටිය මේ පොත කියවල තියෙනවනේ

    @..ChAnDiKa..
    අහන්න ලැබීම සතුටක් ! :D

    @අභීත
    :D
    මට මේ පොත පුස්තකාලේදී හම්බුනොත් ආයේ වෙන පොතක් ගන්නවා බොරු :D

    @තීර්ථ යාත්‍රිකයා
    මී ත්‍රී !! :D :D

    @චතුවා (ළමයා)
    ඔව් ඔව්
    කොහොම හරි කියවන්න
    කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නම් නෑ
    :D

    @හරී
    මං ළඟ පොත නම් නෑ.ගුග්‍ල් කරලා බැලුවට ISBN නොම්මරයක් නම් හම්බුනෙත් නෑ.
    හැබැයි පොත කියවල තියෙන, ගොඩක් වෙලාවට ගෙදර තියෙන්න පුළුවන් යාළුවො කීපදෙනෙක් ඉන්නවා.
    අහල බලල කියන්නම්කො.
    :D

    ReplyDelete
  6. @හරී

    හුරේ! :D :D
    කොහොම හරි නොම්මරෙත් හොයාගත්තා ! :D
    9789555911009

    http://panhinda.natlib.lk/scripts/AfWiInq.dll?Details?action=0&site=0&brlk=1130829
    යාලුවෙක් හොයල දුන්නේ

    මෙන්න මේ ලින්ක් එක ඉදිරියේදී ISBN නොම්මර හොයන්න ඕනේ වුනොත් වැදගත් වේවි
    http://panhinda.natlib.lk/scripts/afwiinq.dll

    ReplyDelete
  7. @ Shenya de Silva :බොහොම ස්තුතියි!.

    මං හින්දා හුඟක් කරදර වුනා නේද?....

    ඔයාගෙ කැපවීමට මගේ ආචාරය........

    ReplyDelete
  8. ස්තුතියි !
    කිසි කරදරයක් නෑ
    :-)

    ReplyDelete
  9. මේ පොත මගේත් තදින්ම හිත් ගත්ත එකක්. ඉස්සර මානසිකව පසු බැසීමක් ඇතිවුණු හැම වෙලාවකම මම කළේ මේ පොත කියවන එක. ශෙන්යා කියන එක ඇත්ත. මේක මිළ කරන්න බැරි පොතක්.

    ReplyDelete
  10. @ පිටස්තරයා-2
    ස්තුතියි
    මාත් එහෙම වෙලාවට පොත ගෙදර තිබ්බොත් අනිවාර්යයෙන් කියවනවා.
    :D

    ReplyDelete
  11. Methana ape weeraya wenne one Dadigama V. Rodrigo.

    ReplyDelete