Monday, February 7, 2011

සැපට දුකට පොත්



පිටස්තරයා 2 දාපු කොමෙන්ට් එක නිසා තමා මේ පොත් ටික මතක් උනේ. මටත් මොකක් හරි වැඩක් කරන්න බෑම කියල හිතුනම කියවන පොතක් තමා "සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියන පොත. හැබැයි ඉතින් පුස්තකාලෙන් අරන් ඇවිත් එක ගෙදර තිබුනොත් තමයි. මන් මේ කියන්න යන්නේ එක ගැන නෙමේ සාමාන්‍යයෙන් දුකක් ඇති උනාම මං කියවන පොත් ගැන.


 මොකක් හරි දෙකට කේන්ති ගියාම , දුක හිතුනම මං කරන්නේ පොතක් අරන් එක හුස්මට මුල ඉඳල අගට කියවන එක. හැබැයි අගටම කවදාවත් කියවන්න හම්බෙන්නේ නෑ. චැප්ටර් දෙක තුනක් යද්දී ඔක්කොම කාම් ඩවුන් වෙනවා. මේ වැඩේට මං ළඟ තිබ්බ අයිඩියල් ම පොත් තමා සර් ආතර් සී ක්ලාක් මහතාගේ පොත්.


සිංහල පරිවර්තන නම් සාමාන්‍යයෙන් ටිකක් සිහිය ඇතුව කියෙව්වම තේරෙනවනේ. නමුත් මං ළඟ තියෙන පොත් දෙකම ඉංග්‍රීසි පොත්. ඉතින් කියවන්න සම්පූර්ණයෙන් එකට ෆෝකස් කරන්න ඕනේ. ඉතින් ටිකක් දුර කියවනකොට ප්‍රශ්න එකක් වත් මතක නෑ. කතාවට සම්පූර්ණයෙන් ෆෝකස් වෙලා.කොහොම හරි මගේ මෙමොරි එකේ තියෙන අවුලයි , ප්‍රශ්නෙන් වෙන අතකට ෆෝකස් කිරීමේ ක්‍රමයයි දෙකම එකතු උනාම පැයක් දෙකක් ඇතුලත ප්‍රශ්නෙත් මතක නෑ. ඔගොල්ලන්ටත් ඕනේ නම් ක්‍රමේ පාවිච්චි කරලා බලන්න. හැබැයි අර්තිෂයින් සාර්ථක වීමට මතකය ටිකක් අඩු ( අමතක වන සුළු ) හා ඉංග්‍රීසි දැනුම ටිකක් අඩු ( කියවල තේරුම් ගත්තට ඔක්කොම වචන තේරෙන්නේ නැති ) කියන දෙක තියෙන්න ඕනේ. මං ළඟ තියෙන ඉතා සීමිත පොත් එකතුවේ තියෙන්නේ සර් ආතර් සී ක්ලාක් ලියපු "Space Trilogy" පොතයි , රාමා පොත් මාලාවේ "Rama II" කියන පොතයි. 

No comments:

Post a Comment