Saturday, May 14, 2011

Alkyl Halides - ඇල්කයිල් හේලයිඩ



හැලජන පරමාණු එකක් හෝ වැඩි ගණනක් පවතින කාබනික සංයෝග හේලො ඇල්කේන හෙවත් ඇල්කයිල් හේලයිඩ වෙයි. හැලජන යනු අයි. යු. පී. . සී. ක්‍රමයට අනුව ආවර්තිතා වගුවේ 17 ත් වන කාණ්ඩයට අයත් ( පැරණි ක්‍රමය අනුව VII කාණ්ඩයට ) ෆ්ලෝරින් , ක්ලෝරීන්, බ්රෝමින්, අයඩින් හා ඇස්ටටින් ය.


බහුලව භාවිතා වන දන්නා හඳුනන ඇල්කයිල් හේලයිඩ
1. ටෙෆ්ලෝන්


නන්- ස්ටික් භාජන වල නන් -ස්ටික් බව ඇති වීමට ආලේපනය කර ඇත්තේ ටෙෆ්ලෝන් ය

2. ඩී ඩී ටී
කෘමි නාෂකයකි. ලංකාවේ මැලේරියා රෝගය ව්‍යාප්තියට එරෙහිව භාවිතා විය.


ඇල්කයිල් හේලයිඩ මඳ වශයෙන් ධ්‍රැවීය සංයෝග වෙයි. C-X බන්ධන නිසා ඒවා අතර ද්වි ධ්‍රැව- ද්වි ධ්‍රැව අන්තර් අනුක ආකර්ෂණ බල පවතින නමුත් C-C බන්ධන හා C-H බන්ධන පැවතීම හේතුවෙන් ඒවාට අන්තර් අනුක හයිඩ්‍රජන් බන්ධන සෑදීමේ හැකියාවක් නොමැත .
බොහෝ ඇල්කයිල් හේලයිඩ ජලයේ ද්‍රාව්‍ය නොවන/ මඳ වශයෙන් ද්‍රාව්‍ය වෙයි. ඒවා එකිනෙකෙහි හා අනෙකුත් කාබනික සංයෝග සමඟ මිශ්‍රණය (miscible ) කල හැක. Miscibility යනු ද්‍රව සතු ඕනෑම අනුපාතයකට මිශ්‍ර වී සම ජාතිය ද්‍රාවණයක් සෑදීමේ ගුණයයි. ඩයික්ලෝරෝ මෙතෙන් CH2Cl2 , ට්‍රයික්ලෝරෝ මෙතෙන් CHCl3 හා ටෙට්‍රාක්ලෝරෝ එතෙන් CCl4 නිර්ධ්‍රැවීය හා මඳ වශයෙන් ධ්‍රැවීය සංයෝග සඳහා ද්‍රාවක ලෙස බහුලව භාවිතා වෙයි .
ඇල්කේන වලට වඩා එම කාබන් සන්ක්යාවම සහිත ඇල්කයිල් හේලයිඩ වල තාපාංක හා ද්‍රවාංක ඉහල අගයක් ගනී.


~ ~ තාපාංකය - ~ - ද්‍රවාංක - ~
CH4 ~ -161.6 °C ~ -182.5 °C - ~
CH3Cl ~ -24.2 °C ~ -97.7 °C - ~

ඇල්කයිල් හේලයිඩයේ R කාණ්ඩයේ දිග වැඩිවත්ම එනම් කාබන් දාමයේ දිග වැඩිවත්ම තාපාංක හා ද්‍රවාංක වැඩිවීමද සිදුවේ. එයට හේතුව R කාණ්ඩය විශාල වීමත් සමඟ පෘෂ්ටික වර්ගඵලය වැඩි වීමය.


~ ~ තාපාංකය ~ ද්‍රවාංකය ~

CH3CH2Cl ~ 12.3 0C ~ -139 0C ~

CH3CH2CH2Cl ~ 46.7 0C ~ -122.8 0C ~


පවතින හැලජනයේ විශාලත්වය වැඩි වන විට ද තාපාංකය හා ද්‍රවාංකය ඉහල යයි. හැලජනයේ විශාලත්වය වැඩි වන විට C - X බන්ධනයේ ධ්‍රැවියතාව වැඩි වීම මෙයට හේතුවයි.






No comments:

Post a Comment