Monday, August 1, 2011

ප්‍රෝටීන වල ව්‍යුහමය සංවිධානය : ප්‍රාථමික ව්‍යුහය

ප්‍රාථමික ව්‍යුහය :

විශ්ලේෂනාත්මක(analytically) හා සංස්ලේෂණාත්මක(synthetic) ක්‍රම වලින් සොයාගත හැක්කේ ප්‍රෝටීන වල මෙම ප්‍රාථමික ව්‍යුහය හෙවත් පෙප්ටයිඩ දාමයක ඇමයිනෝ අම්ල අනු පිළිවෙලයි. මෙම ක්‍රම මගින් ප්‍රෝටීනයෙහි ත්‍රිමාන ව්‍යුහයෙහි සංන්‍යාසය(conformation : එනම් එය අවකාශයේ පිහිටා ඇති ආකාරය) සොයාගත නොහැක.ප්‍රාථමික ව්‍යුහයෙහි ඇති පෙප්ටයිඩ් ආධාරකයෙහි / දාමයෙහි (peptide backbone ) පරමාණු ඇත්තේ N - C - C - N - C - C යන පුනරාවර්තනය වන (repeating ) ඒකක ලෙසය.

  • Molecular Biology of the Cell, 5th Edition
  • http://www.britannica.com/EBchecked/topic/479680/protein/72525/Levels-of-structural-organization-in-proteins
  • http://en.wikipedia.org/wiki/Protein_primary_structure

No comments:

Post a Comment