Friday, August 5, 2011

මකුළු දැල්, හිසකෙස් හා පිහාටු : ප්‍රෝටීන ද්විතියික ව්‍යුහය

ලොම් , හිසකෙස් ,පිහාටු , සත්ත්ව කුර වල ඇති කෙරටින් ප්‍රෝටීනයට ඇත්තේ ඇල්ෆා හෙලික්සිය ව්‍යුහයකි .ප්‍රෝටීන වල ද්විතියික ව්‍යුහය මගින් අනු ත්‍රිමාන අවකාශයෙහි පවතින ආකාරය පැහැදිලි නොකරයි. ද්විතියික ව්‍යුහයෙහි ප්‍රධාන ආකාර දෙකකි. එනම් ඇල්ෆා හෙලික්ස හා බිටා තැටි ආකාරයි.

Hydrogen bonds (yellow dots) stabilizing an alpha-helix
ඇල්ෆා හෙලික්සය සුරත් ( Right handed ) දඟරයකි. එහි R කාණ්ඩ පොලිපෙප්ටයිඩ් ආධාරකයෙන් ඉවතට දිශානති වී ඇති අතර ඒවා අතර හයිඩ්‍රජන් බන්ධන පවතියි. තන්තුමය ව්‍යුහයන් සාදන ප්‍රෝටීන වල සාමාන්‍යයෙන් ඇත්තේ ඇල්ෆා හෙලික්ස ව්‍යුහයයි.

මකුළු දැල් ව්‍යුහය
බීටා තැටි වල පෙප්ටයිඩ ප්‍රදේශ එකිනෙකට සමාන්තරව පිහිටා ඇත. එම නිසා හයිඩ්‍රජන් බන්ධන N - H හා C = O කාණ්ඩ අතර පවතියි.

බීටා තැටි ව්‍යුහය පවතින ප්‍රෝටීනයකට නිදසුනක් ලෙස මකුළු දැල් සෑදී ඇති ප්‍රෝටීනය දැක්විය හැක .

මිට අමතරව බීටා නැවුම් (Beta Turns ) හා ඔමෙගා ලූපස් ( Omega Loops ) යන ව්‍යුහමය ආකාර දෙක ද පවතියි.


තවදුරටත් කියවන්න :

1 comment:

  1. nice :P, how streangth in these structures differ?, is it possible to weaken or strenthen them?

    ReplyDelete