Monday, August 15, 2011

තවත් නමක් නැති කෑමක් :D





මේක හදන්න එච්චර දේවල් ඕනේ නෑ.පාන් පිටි + මිරිස් කුඩු + ලුණු කුඩු + වතුර + පොල් තෙල්පාන් පිටි + මිරිස් කුඩු + ලුණු කුඩු ) ඒකට කලවම් කරලා ඒකට වතුර + කරන්න. පිටි ඔක්කොම යන්තම් එකට ඇලෙන ගානට ආවහම පොල් තෙල් ටිකක් දාල කලවම් කරන්න. පිඟානක පිටි මික්ස්චර් එක අතුරලා අච්චුවක් පාවිච්චි

කරලා පොඩි කෑලි වලට කපාගන්න ඕනේ. ගොඩක් තුනී වෙන තරමට හොඳයි, ඉක්මනට බැදෙනවා.
මං නම් තුනී කරන්න ගත්තේ අපේ ගෙදර තියෙන තුනපහ දාපු හෝර්ලික්ස් බෝතලයක්. මතක ඇතුව ඒක හොඳට හෝදලා, පිහල පාවිච්චි කරන්න. අච්චුව විදියට ගත්තේ හතරැස් බෝතල් මුඩියක්. දැන් කරන්න තියෙන්නේ පොල් තෙල් ටිකක් ( ටිකක් කිව්වට ගොඩක් ) තාච්චියට දාල රත් වෙන්න තියල ගැඹුරු තෙලේ බැද ගන්න එක. තෙල් සාමාන්‍යයෙන් ටිකක් වැඩියෙන් රත් වෙලා තියෙන කොට තමා හොඳට පිම්බිලා පේස්ට්‍රි වගේ එන්නේ.

යටින් තියෙන එක නම් හැදුවේ ඊටත් සිම්පල් විදියට. තක්කාලි ගෙඩියක් පොඩියට කපල ලිපේ සාස්පානක ලිපේ තියන්න . ඒකට සෝස් ටිකකුයි, චිලි පේස්ට් හැන්දකුයි දාල ටිකක් රත් උනාම වතුර කෝප්ප බාගයක් විතර දාල රත්වෙන්න තියන්න. අහ් ඊට අමතරව ගෙදර උයල තියෙන ඕනේ දෙයක් ඒකට දාන්න පුළුවන් :D මං කලේ උයල තිබ්බ මාළු කෑලි දෙකක් බැදලා පොඩි කරලා මික්ස් කල එක.

හදල බලල කාල රස කියන්නකෝ :P
අපේ ගෙදර නම් කර වෙච්ච ටික වත් ඉතුරු උනේ නෑ. :D

5 comments:

  1. පිටි පිපෙන්න යිස්ට් දාන්න ඕනද?

    ReplyDelete
  2. නෑ. යීස්ට් දැම්මොත් ටිකක් වෙලා ( කිව්වට ගොඩක් වෙලා ) තියන්න ඕනෙනේ. ඒක ටිකක් විතර කරදර වැඩක්. ටිකක් වැඩියෙන් රත් වෙච්ච තෙල් වලට දැම්මම සාමාන්‍ය ප්‍රමාණෙන් පිම්බෙනවා ( ඔය පින්තුරේ තියෙන ප්‍රමානෙට ).

    ReplyDelete
  3. මගෙ අම්මියෝ!!! ඉතිං ඕකෙ තියෙන්නෙ පාන් පිටියි, මිරිසුයි විතරනෙ. නරකද මැදට පොඩි පේස්ට් එකක් එහෙම ඇඩ් කළානං!!! රහ කියන්න තිබුනං කන්න දුන්නනං.

    මමත් අමුතු කෑම හදන්න ආසයි. අපි කට්ටිය එකතුවෙලා ගෙවල් වල කුස්සි විනාස කරලා තියෙනවා. වෙලාවක ඒ කතාවකුත් දාන්න ඕනෙ. හික් හික්!!

    ReplyDelete
  4. යා. එහෙම හැදුවත් අව්ලක් නෑ. හැබැයි මැදට මොනවා හරි පේස්ට් එකක් ඇඩ් කලාම වටේ තියෙන පිටි ටික ටිකක් අප්සෙට් යනවා. අර බිස්කට් වගේ කර කර ගාල හැපෙන ගතිය අඩු වෙනවා.
    හදලම කාල බලන්න.
    මාත් ආසයි විකාර කෑම හදන්න. හැබැයි අම්ම ගෙදර නැති වෙලාවට.

    යා යා. ඒ කතාවකුත් දාන්නකෝ :D

    ReplyDelete
  5. අෆ්ෆට සිලි මෙන්න එක්කෙනෙක් කෑම හදනවා :D,

    අපිට නම් ඉතින් ඕවා ට්‍රයි කරන්න බෑනේ :P
    පුලුවන් නම් අපිටත් එක්ක දවසක හදාගෙන එන්නකෝ කාලා බලන්න xD

    ReplyDelete