Saturday, October 15, 2011

ප්‍රයිවට් මෙඩිකල් කොලේජස් හෙවත් PMC කේස් එක




මට මේ මාතෘකාව ගැන ලියන්න හිතුනේ ටික කාලෙකට කලින් මගේ යාලුවෙක්ගෙ මූණු පොතේ පොස්ට් එකක මං නොදන්නා පුද්ගලයෙක් එක්ක ඇතිවුන අර්ගියුමන්ට් එකක් නිසා.

https://www.facebook.com/kdkkdkak/posts/121888274577852

ඒ වුනාට කලින් දවස් ටිකේ එක්සැම් ඊට පස්සේ රොවින්ග් නැෂනල්ස් වලට පුහුණුවීම් තිබ්බ නිසා ලොකු වෙලාවක් හම්බුනේ නෑ ලියන්න. ඒත් ඒක ගැනම තිබ්බ තවත් ලිපියක් දැකල මට ඇත්තටම පොස්ට් එකක් ලියන්න හිතුන පහු වෙලා හරි .

https://www.facebook.com/notes/ravin-yasitha/no-pmc-like-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/10150316901434900

මං දකින විදියට නම් මේ PMC ප්‍රශ්නේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා.

1) පිටරට PMC
2) ලංකාවේ PMC

පලවෙනි කේස් එක ගත්තම පිටරට PMC වලින් ඉගෙනගෙන ලංකාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන්න ඕනේ නම් ඇක්ට් 16 යේ විභාගේ පාස් කරන්න ඕනේ. ගොඩක් දෙනාගේ මතය මේ විභාගේ අසාධාරණ විදියට අමාරු බව/ වැඩි දෙනෙක් පාස් නොකරන බව. මම නම් මේ ගැන වැඩිය දන්නේ නෑ. මොකද මං ඒ පේපර් එකක් වත් දැකල නෑ.
හැබැයි ඔය ලින්කුවේ තියෙන විදියට ඒක තරඟ විභාගයක් නෙවෙයි.
ලංකාවේ PMC වලට තමා දැන් ලොකුම සද්දේ තියෙන්නේ. එකෙත් කොටස් කීපයක් තියෙනවා.

1) ලංකාවට PMC එපා !!!!
2) ලංකාවේ PMC තිබ්බට කමක් නෑ. හැබැයි ලංකාවේදී මෙඩිසින් ප්‍රැක්ටිස් කරන්න ඒගොල්ලොත් ඇක්ට් 16 විබාගෙට ලියල පාස් වෙන්න ඕනේ
3) ලංකාවේ PMC තිබ්බට කමක් නෑ. හැබැයි රජයේ විශ්ව විද්‍යාල වගේම කොලිටියට වැඩ තියෙන්න ඕනේ
4) අෆිට කොලිටි වැඩක් නෑ. අෆිට ඕනේ PMC


මේකෙන් පලවෙනි කොට්ඨාශයට වැටෙන්නේ, ඒ කියන්නේ තත්ත්වය කෙසේ වෙතත් PMC එපා කියන්නේ , ගොඩක් වෙලාවට රජයේ විශ්ව විද්‍යාල වල

මෙඩිසින් හදාරන අය, නැත්තන් එහෙම ඉගෙනගෙන වෛද්‍ය වෘත්තියේ නියැලෙන අය, නැත්තන් ඒ දෙකටම අයිති නැති මේ අදහසට සපෝර්ට් කරන වෙනත් අය.

කොන්දේසි විරහිතව ලෝකල් PMC එපා කියන අය PMC ලංකාවට හොඳ නැති වීමට හේතු විදියට කියන්නේ PMC ඇති කලොත් දැනට තියෙන නිදහස් අධ්‍යාපනය අභාවයට ගිහින් අන්තිමට නැති වෙලාම යනවා කියල.

PMC වලට මුදලක් අය කරන නිසා ඒවගේ උගන්නන ලෙක්චරර්ස්ලට වැඩි පඩියක් ලැබෙනවා, ඒක නිසා ලේක්චරර්ස්ලා රජයේ විශ්ව විද්‍යාල වලට වඩා PMC වල උගන්නන්න වැඩි කැමැත්තක් දක්වන්න පුළුවන්.

මේකට නම් මට කියන්න තියෙන්නේ ලංකාවේ පුද්ගලික පාසල් වල ගුරුවරුන්ට සාමාන්‍යයෙන් වැඩි වැටුපක් ලැබෙනවා. පුද්ගලික පාසල් ඇති කළා කියල තාම නම් පාසල් මට්ටමෙන් නිදහස් අධ්‍යාපනය කඩාවැටිලා නෑ. අනික ටියුෂන් පන්ති වල උගන්නන ගුරුවරු සාමාන්‍යයෙන් රජයේ පාසලක දෙන වැටුප වගේ කීප ගුණයක් උපයනවා. හැබැයි එහෙම වුනා කියල තාම නිදහස් අධ්‍යාපනය කඩා වැටිලා නෑ.

හෆ්ෆා පොස්ට් එක ලියන්න පටන් අරන් දැන් වෙනකොටත් දෙවනියට තිබ්බ ලින්ක් එකේ නෝට් එක අයින් කරලා. :-/ මට දැන් ඒකෙ තිබ්බේ මොනවද කියලවත් මතක නෑ.

ප්‍රශ්නේ තියෙන්නේ " මෙහෙම කලොත් මෙහෙම වෙන්න පුළුවන්" විදියේ සිද්ද වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දෙයක් මත තවත් ළමයි ටිකකට ඉගෙනගන්න ( පිටරට යනවට වඩා අඩු මුලකට ) තියෙන අවස්තාව නැති කරන එක හරිද කියල.

සමහරු කියන තවත් කතාවක් තමා වැඩිදුර අධ්‍යාපනය ලබාගන්න පිටරට යන්නේ වැඩියෙන් සල්ලි තියෙන නාගරික පෝසත් අය, ලංකාවේ ඉගෙනගන්නේ දුගී දුප්පත් ගමෙන් ආව කට්ටිය කියන එක. ඒක නිසා ලංකාව ඇතුලේ PMC හදන එකෙන් වාසි වෙන්නේ පෝසත් උදවියට විතරලු. අනේ මන්දා මම නම් පවුද්ගලිකවත් දන්නවා ගෙවල් දොරවල් උකස් කරලා, විකුණලා ඉගෙනගන්න පිටරට යන මිනිස්සු. එහෙම නත්තන්ග් හැම තැනටම ලියුම් ලියල හොයල හොයල බාගෙට හරි ශිෂ්‍යත්ව හොයන් රට යන අය. හිතන්නේ නැද්ද ලංකාවේ PMC තිබ්බොත් ඒගොල්ලොන්ට යම් කිසි සහනයක් ලැබෙනවා කියල ?

මමත් පිලිගන්නවා ලංකාවේ PMC ඇති කරනවානම් ඒවගේ තත්ත්වය උසස් විදියට තියාගන්න ඕනේ. මොකද ප්‍රටිවට් ඉන්ස්ටිටියුට්ස් වලින් මාසෙන් දෙකෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෝ නිකුත් කලාට මෙඩිසින් වල ඒවගේ දෙයක් වෙන ඒක භයානකයි. මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක ලඟින්ම වැඩ කරන කට්ටියක් නේ දොස්තරලා.

ඒක හින්දා මම නම් කැමති මේ 3 න් වෙනි ඔප්ෂන් එකට.
එකෙන් වෙන තවත් හොඳක් තමා, තුන් සැරයක්ම උසස් පෙළ කරලා හොඳ z ලකුණක් ගන්න බැරුව, මෙඩිසින් හම්බෙන්නේ නැති නිසා එන ඕනේ එකකට යනවා කියල ජෛවීය විද්‍යාව කරන්න විද්‍යා පීඨයට එන ප්‍රමාණෙ අඩු වෙන එක. නැත්තං අපේ ෆැකල්ටියෙත් ඉන්නවා යුද්දේ පටන් ගන්න කලින් පැරදිච්ච කට්ටිය.මැරිච්ච මිනිස්සු වගේ කැම්පස් එන කොටසක් අයින් වෙලා සයන්ස් කරන්න ආසාවෙන් ඉන්න තවත් කොටසකට ඉඩ ලැබෙනවා. මම නම් හිතන්නේ නෑ රජයට හැකියාවක් නෑ කියල ලංකාවේ තියෙන PMC වල තත්ත්වය පාලනය කරන්න.

මේ ප්‍රශ්නේ දුක්ඛ දායකම දේ තමා PMC වලට හේතු විරහිතව වැඩියෙන්ම විරුද්ධ වෙලා කතා කරන්නේ රජයේ විශ්ව විද්‍යාල වල මෙඩිසින් හදාරන අය. මට පේන විදියට නම් මේ මොන හේතුව කියල ඒගොල්ලෝ PMC වලට විරුද්ධව කතා කලත් ඒගොල්ලොන්ගේ හිතේ තියෙන්නේ " අපි කට්ට කාල කාල ඒ ලෙවල් පාස් වෙලා, ඊට පස්සේ කට්ට කාල කාල විශ්ව විද්‍යාලේ වැඩ සම්පූර්ණ කරලා කරන ටික මේ මිනිස්සු සල්ලි දීල ලේසියන් කරනවා " කියන එක.

ඕගොල්ලෝ මොකද මේ ගැන හිතන්නේ ?

ප. ලි. : හා හා මාත් දැම්ම ඔන්න ප.ලි. එකක් :D මම මේ මාතෘකාව ගැන යාලුවෙක් එක්ක පොඩ්ඩක් කතා කළා. එයා කියපු දෙයක් තමා රජයෙන් හම්බන්තොට වරායයි, හයි වේ එකයි, නොරොච්චෝලෙයි හදන, හදපු විදියටම මේකත් කලොත් මේ රජය යටතේ PMC වල තත්ත්වය ගැන රිලයබල් වෙන්න ටිකක් අමාරුයි නේද කියන එක. එක අතකින් බැලුවම එකත් හරි.මොන ක්‍රමයෙන් හරි හොඳ කොලිටි එකට PMC පවත්වාගෙන ගියොත් ඒවා ගැන මගේ නම් විරුද්ධත්වයක් නෑ.

14 comments:

  1. හොඳ ලිපියක්. මම මේ ගැන ලිව්වත් ලියවෙන්නේ ඔය ටිකම තමයි. ඇත්තටම මම ලිපියේ ගොඩක් ආස වුණේ

    “එකෙන් වෙන තවත් හොඳක් තමා, තුන් සැරයක්ම උසස් පෙළ කරලා හොඳ z ලකුණක් ගන්න බැරුව, මෙඩිසින් හම්බෙන්නේ නැති නිසා එන ඕනේ එකකට යනවා කියල ජෛවීය විද්‍යාව කරන්න විද්‍යා පීඨයට එන ප්‍රමාණෙ අඩු වෙන එක. නැත්තං අපේ ෆැකල්ටියෙත් ඉන්නවා යුද්දේ පටන් ගන්න කලින් පැරදිච්ච කට්ටිය.මැරිච්ච මිනිස්සු වගේ කැම්පස් එන කොටසක් අයින් වෙලා සයන්ස් කරන්න ආසාවෙන් ඉන්න තවත් කොටසකට ඉඩ ලැබෙනවා“

    කියන කොටසට. ලංකාව කවදාහරි දියුණු වෙන්නනම් අන්වාර්යයෙන්ම විද්‍යාවට තියෙන ඉල්ලුම තව තවත් වැඩි වෙන්න ඕනෙ. ලංකාවෙ කැම්පස් වල විද්‍යා අධ්‍යාපනය සම්බන්දයෙන් ඉඩ ලැබුනාම මමත් ලිපියක් ලියන්න ඕනෙ.

    ReplyDelete
  2. අම්මෝ දැම්ම මේ මාතෘකාව ගැන කතා කරන්න බැහැ. ඉන්නකො එලියට යනකම් :P

    ReplyDelete
  3. @ ගඩොල්
    මම මේකෙන් වෙන හොඳක් විදියට වැඩියෙන්ම ආසත් ඒකට. මම ආසාවක් නැතුව ඕනෙම දෙයක් ඉගෙනගන්න මිනිස්සුන්ට වැඩිය කැමති නෑ. තමන්ගේ කාලෙත් කනවා, උගන්නන එකාගේ කාලෙත් කනවා. තෑන්ක්ස් කොමෙන්ට් එකට :)

    @ බුවා
    තෑන්ක්ස්. දිග ලිපියක් ලියපු පලවෙනි වතාව මන් හිතන්නේ. ග්රැමර් වැරදි නම් සමාවෙන්න ඕනේ :)

    @චන්දික
    කොහෙද හැංගිලා ඉන්නේ? :D

    ReplyDelete
  4. " අපි කට්ට කාල කාල ඒ ලෙවල් පාස් වෙලා, ඊට පස්සේ කට්ට කාල කාල විශ්ව විද්‍යාලේ වැඩ සම්පූර්ණ කරලා කරන ටික මේ මිනිස්සු සල්ලි දීල ලේසියන් කරනවා "-ඇත්තටම මම නම් මේ කියන කතාවට ලොවෙත් එකගයි.
    නමුත් ලංකාවේ ඔය කියන PMC වල, රජයේ විශ්ව විද්‍යාලවලට වඩා කොලිටිය වැඩි උනොතින් ඒවායින් out වෙන වෛද්‍යවරුවරුන්ටත් ඉල්ලුම වැඩි වෙන්න පුළුවන් possibility එකක් තියෙනවා නේද? මේකත් එක හේතුවක් වෙන්න ඇති ඔයා ඔය රජයේ විශ්ව විද්‍යාල වල මෙඩිසින් හදාරන අය හේතු විරහිතව කතාකරනවයි කියල කියන දේට :)

    ReplyDelete
  5. You all idiots don't know what medicine is. That is why u all take this matter so simply. Be a doctor and then only u will realize. Unfortunately you already lost the chance as u had low IQ.

    ReplyDelete
  6. ඔන්න කට්ටිය ගේමට සෙට් වෙලා වගේ :P

    ReplyDelete
  7. @ කසුන්
    ඔව් එහෙම දෙයක් උනත් වෙන්න පුළුවන්. හැබැයි දැනට කට්ටිය කෑගහන්නේ කොලිටි අඩු වෙයි කියලනේ.

    @ ඇනෝ
    Thanks for the comment pally :-)
    I'd say only half of what you are saying is true. I definitely lack the IQ for medicine.But I never lost the chance. I didn't have a chance for medicine in the first place, because of the same reason,low IQ.
    So I'm just expressing my view about the topic considering the points people have brought out to argue.
    And the topic is definitely not the level of my IQ. hehe
    Why not tell us your nice points :-)

    @ගඩොල්
    හෙහෙ අනේ මන්දා... මට නම් පෙන්නේ මාතෘකාවෙන් පිට පැනල වගේ :-)

    ReplyDelete
  8. http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/299242_2536309771887_1377881765_32843840_1827918259_n.jpg

    ReplyDelete
  9. @ ඇනෝ 2
    හෆ්ෆා කියවන්න ඒකේ රෙසලුෂන් ටිකක් මදි නැද්ද? :-S

    ReplyDelete
  10. මෙන්න කියවනවා WWW.
    www.nopmc-nofmg.blogspot.com/

    ReplyDelete
  11. මෙන්න කියවනවා නම්....
    www.nopmc-nofmg.blogspot.com/

    ReplyDelete
  12. @ ඇනෝ 3
    ඉතින් ඔය මන් කිව්ව ටිකමනේ :-S
    මන් දන්නා විදියට නම් පවතින අධ්‍යාපන ක්‍රමය අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම උසස්පෙළට එස් සාමාර්ථ තුනක් ගන්න එක. අලුත් මිනුම් දණ්ඩක් දැනට නම් ප්‍රකාශයට පත් කරලා නෑ.
    මෙඩිසින් ඉගෙනගන්න නියමිත සුදුසුකම් තියෙන්නේ දැනට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළු කරගන්න ප්‍රමනෙට විතරයි කියන එකත් හරි ශෝක් කතාවක්. සාමාන්‍යයෙන් මගේ තරම් IQ එකක් තියෙන කෙනෙක්ටත් තේරෙනවා මං හිතන්නේ ලංකාවේ රජය උසස් අධ්‍යාපනයට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයට අනුව තමා විශ්ව විද්‍යාල සංඛ්‍යාව පවත්වාගෙන යන්නේ( සමහර විශ්ව විද්‍යාල වලට නම් ලැබෙන්න ඕනේ ඔක්කොම පහසුකම් ලැබෙන්නේ නෑ, කොළඹ විශ්ව විද්‍යාලේ උනත් සමහර දේවල් කරන්නේ fund raisers වලින් එකතු කරන සල්ලි වලින් ) එහෙම බැලුවම හදිස්සියෙවත් ලංකාව තුන් වෙනි ලෝකෙන් මිදිලා වැඩි සල්ලි ප්‍රමාණයක් අධ්‍යාපනයට වියදම් කරන්න පුළුවන් තත්ත්වෙට ආවොත්, මෙඩිසින් තියෙන අලුත් විශ්ව විද්‍යාලයක් දෙකක් හැදුවොත් ඒවාට ඇතුල් වෙන්නේ සුදුසුකම් තියන ය නෙමේ. කාටද අෆ්ෆා විහිලු කරන්නේ ?

    ReplyDelete
  13. ඔයා දෙවෙනියට දාපු ලින්කුව මම ලියපු එකක්. ඒක අයින් කරන්න සිද්ධ වුනා මට..මොකක් හරි අපහසුතාවයක් ඇති වුනා නම් ඒක ගැන සොරි වෙන්න ඕන.. තමන්ගේ මතය තියාගෙන ඒක අනුව වැඩ කරන එක, ඒ මතය අනිත් අයට පැහැදිලි කරනවට වඩා ලේසියි කියල හිතුන නිසා තමයි ඒක අයින් කර ගත්තේ..

    ReplyDelete